ගොවීන් කාබනික පොහොර භාවිතයට යොමු කරන බවට ඇමති චමල්ගෙන් පොරොන්දුවක් (වීඩියෝ)

ජන 11, 2020
  • රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව වාරිමාර්ග දෙපාර්තුමේන්තුව මගින් ක්‍රියාත්මක කරන වාරි සෞභාග්‍ය වැඩසටහන හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටියේ දි අද (11) ආරම්භ විය.

    මහා වාරි මාර්ග යටතට අයත් ඇල වේලි සහ වැව් ප්‍රතිසංස්කරණය කිරිම වාරි මාර්ග දෙපාර්තුමේන්වේ යන්ත්‍ර සූත්‍ර හා කාර්ය මන්ඩලය යොදවා සිදු කිරිම මෙම වැඩ සටහනේ අරමුණ වේ. එ අනුව මේ වැනි ව්‍යාපෘතියක් සිදුවන්නේ වසර 20 කට පමණ පසුවයි.

    කොන්ත්‍රාත් ක්‍රමයෙන් තොරව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් රුපියල් මිලියන 500 ක් පමණ වැය වෙන වැඩ කොටසක් රුපියල් මිලියන 50 කින් පමණ අවසන් කිරීමට හැකි වන බව වාරිමාර්ග දෙපාර්තුමේන්තුව පවසයි. සමාරම්භක වැඩ සටහන වීරකැටිය උඩුකිරිවිල වැව ආසන්නයේදි වාරි මාර්ග හා කෘෂිකර්ම අමැති චමල් රාජපක්ෂ සහ රාජ්‍ය ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ. එ අනුව වීරකැටිය උඩු කිරිවිල වැවේ ජපන් ජබර සහ ජලජ ශාඛ ඉවත් කිරීම සිදුවේ.

    chamal1 px 900 20 01 11

    අනුභව කරණ ආහාර සමඟ වස විස වැඩියෙන්ම කන රට ශ්‍රී ලංකාව බව චමල් රාජපක්ෂ මහතා මෙහිදී කීය. ඒ නිසාම මේ වසරේ සිට ගොවීන් කාබනික පොහොර වල යොමු කිරිමට පියවර ගන්නා බවද චමල් රාජපක්ෂ මහතා සඳහන් කලේය.

     

    Last modified on සෙනසුරාදා, 11 ජනවාරි 2020 20:38

    Latest News