අනතුර සිදුවුනේ අද (14) පෙරවරු 8.00ට පමණ ගිනිගත්හේන,දියගල නායයාමට ලක්වූ ස්ථානයේදීයි. රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගැනිණ. දියගල ප්‍රදේශයේ නායගිය ස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරෙන නිසා රථ වාහන ධාවනය එක් මංතිරුවකට පමණක් විවෘත කර තිබේ.
අනතුරෙන් තුවාල ලබා රෝහල් ගත කළ අය අතර කුඩා ළමුන් කිහිප දෙනෙකු සිටින බවත්, තුවාකරුවන් 8 දෙනෙකු බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා ගිය බවත්, සෙසු තුවාලකරුවන් වටවල ප්‍රාදේශිය රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන බවයි, අප වාර්තාකරු පැවසුවේ.