අනුරපුරය සියලු පහසුකම් සහිතව සංවර්ධන කෙරේ

ජන 16, 2020

    අනුරාධපුර පූජා නගරය සියලු පහසුකම් සහිතව සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබේ.

    එහි යෝජිත සැලසුම් සකස් කිරීම මේ දිනවල ක්‍රියාත්මකයි. පසුගියදා පැවති නගර සංවර්ධන කටයුතු සැලසුම් කිරීමේ අවස්ථාවට අමාත්‍ය එස්.එම්. චන්ද්‍රෙස්න මහතා ඇතුළු ජනතා නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියේය. පොසොන් පොහොය හා අනෙකුත් ආගමික උත්සව අවස්ථාවටා අනුරාධපුර පූජා භූමියට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පැමිණෙයි. එහිදී, නගරයේ පවතින්නේ දැඩි තදබදයක්.

    දෛනිකව විවිධ අවශ්‍යතාවන් සඳහා ද විශාල පිරිසක් පූජා නගරයට පැමිණෙයි. එම සියලුදෙනාට පහසුකම් සැලසෙන පරිදි සංවර්ධන කටයුතු සැලසුම් කිරීමටයි, පියවර ගෙන ඇත්තේ. බස් නැවතුම්පොළ, සතිපොළ හා දුම්රියපොළ ද විධිමත් ලෙස සංවර්ධනය කිරීමට නියමිතයි. අලුතින් රථ ගාල් හා ළමා උද්‍යාන ඉදිකිරීම ද ව්‍යාපෘතියට ඇතුළත්.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 16 ජනවාරි 2020 10:03

    Latest News