පැය 36ට උතුරු මුහුදෙන් ටොන් භාගයකට වැඩි කේරළ ගංජා

පෙබ 02, 2020

    උතුරු මුහුදේ සිදු කල මෙහෙයුම් මගින් පමණක් ගතවූ පැය 36 ක කාලය තුළ ටොන් භාගයකට අධික කේරළ ගංජා ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

    ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් උතුරු මුහුදු ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිදු කරන ලද සාර්ථක මෙහෙයුම් මගින් මෙසේ කේරළ ගංජා කිලෝග්‍රෑම් 590 කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනිණ.

    ඒ අනුව ගතවූ පැය 36 ක කාලය තුළ යාපනය, මාදගල්තුරෙයි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 191 ක ප්‍රමාණයක්, යාපනය, මයිලඩි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 99 ක ප්‍රමාණයක් සහ යාපනය, පුංගුඩුතිව් ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 300 කට ආසන්න
    ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනිණ.

    තවද, ජාවාරම්කරුවන් විසින් මෙම කේරළ ගංජා මෙරටට ගෙන ඒමට උත්සහ කලද නාවික හමුදාව විසින් සිදු කරනු ලබන අඛණ්ඩ සෝදිසි මෙහෙයුම් හේතුවෙන් මෙම ජාවාරම් මැඩපැවැත්වීමට හැකියාව ලැබිණ. ඒ අනුව මෙම වර්ශය තුළදී පමණක් සැකකරුවන් හතලිස් තුන්දෙනෙකු ද (43) නීතියේ රැහැනට හසු කර දීමට නාවික හමුදාව සමත් විය.

    Last modified on ඉරිදා, 02 පෙබරවාරි 2020 14:05

    Latest News