නවගත්තේගම ඉඩමකින් ජීව උණ්ඩ හා අත් බෝම්බ සොයා ගැනේ

පෙබ 02, 2020

    නවගත්තේගම ප්‍රදේශයේ ඉඩමකින් ජීව උණ්ඩ හා ජීව අත් බෝම්බ හමු වී තිබේ.

    පුද්ගලයකු තම ගෙවත්තක් ශුද්ද කිරීමේදී ගලක් යට සගවා තිබූ යුධ හමුදාවට අයත් විදේශ රටක නිශ්පාදිත ජීව අත් බෝම්බ 02 හා ටි 56 ගිනි අවියට භාවිතා කරණ ජීව උණ්ඩ 10ක් හමු වී ඇත. ආනමඩුව අධිකරණයේ නියෝග මත අද (02) පුත්තලම විශේෂ කාර්ය බළකා කදවුරේ නිළධාරින් විසින් එවා විනාශ කිරීමට නියමිතව තිබේ. නවගත්තේගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

    Latest News