පුරා විද්‍යාත්මක විදුහල් අවිධිමත් ලෙස වෙන්කරලා; අමාත්‍ය බන්දුල ගුණවර්ධන

පෙබ 02, 2020

    කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විදුහල සහ ශ්‍රී ජයවර්ධනපුර බාලිකා විද්‍යාලය එක්කර ජාතික පාසලක් බවට පත්කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

    ජාතික පාසල් දහසක් සෑදීමේ ව්‍යාපෘතිය යටතේ මෙය ක්‍රියාත්මකයි. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේ, අද එම පාසල් දෙකේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමිනි. වසර 200ක් පමණ පැරණි හා පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථානයක පිහිටා ඇති විදුහල් දෙක අවිධිමත් ලෙස වෙන්කර ඇති බව අමාත්‍යවරයා කියා සිටියේ. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා...

    “මේ පාසල දීර්ඝ කාලයක් තිස්සේ රටේ ජාතික පුනර්ජීවනය සඳහා අනුපමේය සේවයක් සපයපු මහ විද්වතුන් යතිවර ප්‍රතිභා ප්‍රභා සහිත භික්ෂුන් වහන්සේලා බිහිකරපු කෝට්ටේ පුරවරයේ තිබුණ කේන්ද්‍රීය අධ්‍යාපන මූලස්ථානයක්. අද වනවිට මේ තත්වය ගරාවැටිලා මේ පාසල සුවිශේෂ අවධානයට ලක්වන ජාතික පාසලක් බවට පත්වෙන්නෙ නැහැ. ඒ නිසා ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා මේ තත්වය වෙනස් කරලා රට පුරාම පුළුල් ලෙස ත්‍රෛයිභාෂික සියලු පහසුකම් සහිත අග්‍රගන්‍ය ජාතික පාසල් දාහක් සෑදිමේ ව්‍යාපෘතියේදී මේ පාසල ජාතික පාසලක් විය යුතු බව තමයි අපේ අදහස“ යැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    Latest News