දේශීය ගොවියා රජ කරවනවා; අගමැති

පෙබ 02, 2020

    පිටරට ගොවියා රජ කරනවා වෙනුවට දේශීය ගොවියා රජ කරවීමේ වැඩපිළිවෙළකට රජය ගමන් කරන බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ, කුරුණෑගල, හිරිපිටිය ධර්මචන්ද්‍ර පිරිවෙනේ ආගමික වතාවත්වලට එක්වෙමින්. ආගමික වතාවත්වලින් අනතුරුව අග්‍රාමාත්‍යවරයා පරිවේනාධිපති හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය. කසාගල පුරා රජමහා විහාරාධිපති පූජ්‍ය මැල්සිරිපුර විමලරතන හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය අග්‍රාමාත්‍යතුමාට ආශිර්වාද කිරීමට එක්ව සිටියහ.

    අග්‍රාමාත්‍යවරයා මඩහපොළ ජයන්ති පිරිවෙනේ ඊයේ පැවති ආගමික වතාවත්වලට ද එක්විය. පූජ්‍ය මඩහපොළ සුමංගල හිමියන් ඇතුළු භික්‍ෂුන් වහන්සේ පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    පොල්ගොල්ල සාරානන්ද පිරිවෙනේ ඊයේ පැවති ආගමික වතාවත්වලට එක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අනතුරුව, පරිවේනාධිපති පූජ්‍ය දුණුකේදෙණියේ කුසළධම්ම හිමියන් බැහැදැක ආශීර්වාද ලබාගත්තේය.

    Last modified on ඉරිදා, 02 පෙබරවාරි 2020 19:50

    Latest News