මෙරට සංවර්ධනයට ලෝක බැංකුවේ අඛණ්ඩ සහය

පෙබ 05, 2020

    ශ්‍රී ලංකාවේ සංවර්ධන සඳහා අඛණ්ඩව සහාය ලබා දෙන බවට ලෝක බැංකුව යළි තහවුරු කරයි. නව තාක්ෂණය හා කෘෂි කර්මාන්තය ඔස්සේ ශ්‍රී ලංකාවේ සංවර්ධනය ඉහළ නැංවිය හැකි බව එම ආයතනය පෙන්වා දෙයි.

    දකුණු ආසියාව සඳහා වන ලෝක බැංකු උපසභාපති,හාට්විල් ස්කෆර් මහතා මෙරට සිව්දින නිල චාරිකාව නිමා කළේය. එහිදී ඔහු ජනාධිපතිතුමා,අග්‍රාමාත්‍යවරයා සහ තවත් නිලධාරීන් කිහිපදෙනෙකු සමග සාකච්ජා කළ අතර, ස්ථාන කිහිපයක ද චාරිකාවකට එක්විය. සිය ශ්‍රී ලංකා චාරිකාව නිමා කරමින් ඔහු පෙන්වා දෙන්නේ, මෙරට සංවර්ධන ක්‍රියාදාමය පිළිබඳව යහපත් අවබෝධයක් ලබාගැනීමට හැකි වූ බවයි. තාක්ෂණය හා නව නිර්මාණ ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික වර්ධනයට පදනම් වනු ඇති බවයි ලෝක බැංකුව පවසන්නේ. ශ්‍රී ලංකා රජය සමග සමීපව ක්‍රියා කිරීමට අපේක්ෂා කරන බව ද ලෝක බැංකුව අවධාරණය කරයි.

    Last modified on බදාදා, 05 පෙබරවාරි 2020 12:40

    Latest News