මෙරට ආර්ථිකය ගැන ලෝක බැංකුවෙන් සුබ ආරංචියක්

ඔක් 10, 2024
    ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය වී ඇති බව, ලෝක බැංකුව පවසනවා.

    අපනයන ඉහළ නැංවීමට සහ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට අඛණ්ඩ ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවයි, එම බැංකුව පෙන්වා දෙන්නේ.

    2024 දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 4 දශම 4 ක් දක්වා ළඟාවනු ඇතැයි, අපේක්‍ෂා කෙරෙනවා.
    එය පෙර පු‍රෝකතනයන් අභිබවා යාමක් බවයි, ලෝක බැංකුව පෙන්වා දෙන්නේ.
    කර්මාන්ත හා සංචාරක අංශය මගින් දැක්වූ දායකත්වය මුල්කරගත් කාර්තු 4 ක සිදුව ඇති ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනය මෙන්ම ව්‍යුහාත්මක සහ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ මත මෙම ධනාත්මක ඉදිරි දැක්ම ගොඩනැගී පවතිනවා.
    "ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම අනාගතය සඳහා විවෘත කිරීම" යන තේමාවෙන් ලෝක බැංකුව අද නිකුත් කළ අර්ධ වාර්ෂික වාර්තාවේ මේ බව සඳහන්. ඊට අදාළ මාධ්‍ය හමුවක් කොළඹ දී අද පැවැත්වුණා.

    Latest News