කොරෝනා වෛරසය හේතුවෙන් ජාතික හදිසි තත්ත්වයක් ලෙස සළකා මුඛ ආවරණ නොමිලේ සපයන්නේ ද යන්නත් මේ නිසා ශ්‍රී ලංකාවට ආර්ථික ගැටළුවක් ඇති විය හැකි බැවින් පූර්ව සූදානමකින් කටයුතු කරන්නේ ද යන්නත් වෛරසය පැතිර යෑම වැලැක්වීමට ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවීමට කටයුතු කරන්නේ ද විමසමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (5) පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්නයක් යොමු කළේය.
එහිදී පිළිතුරු ලබාදුන් අමාත්‍යවරිය ;
චීනයේ සිට පැමිණෙන මඟීන් නොයෙක් රටවල් හරහා පැමිණෙන්නේ. ඔවුන් නිරෝධායනය කිරීම ප්‍රායෝගික නෑ. රටට වරායවල් වලින් එන සෑම මඟීන්ගේම ශරීර උෂ්ණත්වය පරික්ෂ කරනවා. සෑම මඟියෙක්ගේම තොරතුරු අරගෙන නිරන්තර පරීක්ෂාවකට ලක් කරනවා.
වුහාන් ප්‍රාන්තයෙන් ළමයි මුදවා ගැනීමට හැකි වුණේ ජනාධිපතිතුමා අගමැතිතුමා චීනය සමඟ පවැති සබඳතවය නිසා. හතවැනි රාජ්‍ය ලෙස වහපු ගුවන්තොටුපලට යානයක් යවල ළමයි මුදවා ගන්න හැකි වුණා.
වුහාන් ප්‍රාන්තයෙන් පැමිණි සියලු ළමයි ඉතාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටිනවා. චීනයේ සිට පැමිණෙන සියලු මඟින් ගුවන් තොටුපල දී පරික්ෂා කරනවා. ලබගන්නා තොරතුරු ගුවන් තොටුපලේ දී පරිගණක ගත කර ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥයින් වෙත ලබාදෙනවා. ඔවුන් සිටින ස්ථාන දැනුම් දෙනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ මහජන පරික්ෂකවරු නිතිපතා ඔවුන් සිටින ස්ථාන වෙත ගොස් පරීක්ෂා කරනවා.
සෑම ගුවන්, නැව් මගියෙකුම දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය අධ්‍යාපන කර්යාංශය මඟින් මුද්‍රණය කළ පත්‍රිකාවේ තිබෙනවා. එහි කිට්ටුම රෝහල් ගැන සඳහන් කර තිබෙනවා. චීනයෙන් පැමිණෙන කම්කරුවන් හා අනෙකුත් නිලධාරීන් සම්බන්ධයෙන් ඔවුන් සේවා කරන ස්ථානයේම රැදී සිටිය යුතු බව ආගමන විගමන අංශ වලින් දැනුම් දී තිබෙනවා. ඔවුන්ට මුඛ ආවරණ පැළදීම අවශ්‍ය බව දැනුම් දී තිබෙනවා.
දැනට මෙම රෝගය වැළදෙන ආකාරය පිළිබඳව වානිජ හා බඩු බාහිරාදිය මඟින් රෝගය වැළදීමට හැකියාවක් නෑ. ඒ නිසා චීනයෙන් පැමිණෙන භාණ්ඩ වලට සීමා කිරීමට අවශ්‍යතාවක් නෑ. බීජිං, ෂැංහයි වෙත ගුවන් ගමන් අඩු කිරීමට කටයුතු කර තිබෙනවා. වර්තමාන තත්ත්වය සළකා බලන විට කිසිදු බියක් ඇති කර ගත යුතු නැත. මුඛ ආරවණ පැළදීමේ අත්‍යාවශ්‍ය බවක් පෙන්නේ නෑ. ඉදිරියේ අවශ්‍ය පරිදි මුඛ ආවරණ වෙළඳපොළට නිකුත් කරයි. හදිසි අවශ්‍යතවක් ඇති වුවහොත් පමණක් ඊට අවශ්‍ය පියවර රජය විසින් ගනු ලබනවා. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට යම් බලපෑමක් සිදුවෙනවා. වෙනත් රට වලින් සංචාරකයින් ආකර්ෂණය කිරීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. ජනාධිපතිතුමා අවශ්‍ය මාර්ගෝපදේශ ලබාදුන්නා. ජනාධිපතිතුමාගේ සෘජු අධීක්ෂණය යටතේ විද්වත් කමිටුවක් පත් කර ඇත. විද්වත් කමිටුවේ සෘජු අධීක්ෂණයක් සිදුවෙනවා. රටේ ජනතාව අනිසි බියකට යොමු කළ යුතු නෑ.කොරෝනා වෛරසය රට තුළ පැතිරීම වැළැක්වීමට රජයක් ලෙස උපරිම පියවර ගෙන තිබෙනවා.