ජනතාව පොදු ප්‍රවාහනයට ආකර්ශනය කර ගත යුතුයි - ඇමති මහින්ද අමරවීර

පෙබ 05, 2020

    ජනතාව පොදු ප්‍රවාහනයට ආකර්ෂණය කරගන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා.

    පොදු ප්‍රවාහන පද්ධතියට යොමු කිරීමෙන් පමණයි නාස්තිය හා කාලය ඉතිරි කරගන්න පුළුවන්. ඒ සඳහා කෙටි කාලීන මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා යැයි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ,අද (5) පාර්ලිමේන්තුවේ දී මෝටර් වාහන පනත යටතේ නියෝගය පිළිබඳ විවාදය ආරම්භ කරමිනි.

    බස් රථ ධාවනයේ දී හොඳ මඟී සේවයක් ජනතාවට ලබාදීමට බලාපොරොත්තු වන්නේ, මඟී ප්‍රවාහන සේවය ශක්තිමත් කරන වැඩපිළිවෙලකට සියලු කටයුතු සූදානම් කරන්නේ, වහන තදබදය ප්‍රධාන ප්‍රශ්නයක්. කොළඹ වාහන ධාවනය වන්නේ කිලෝ මීටරයට 12ක වේගයෙන්. විකල්ප ක්‍රියාමාර්ග අනුගමනය කළේ නැත්තනම් කොළඹට රාජගිරියේ සිට වහනයට වඩා පයින් එන්න පුළුවන් වෙනවා. කාලය පිළිබඳ තක්සේරු කරන්න බෑ. මේ තත්ත්වය වෙනස් කිරීමට රජය යම් ක්‍රියාමර්ග වලට ප්‍රවේශ වෙන්න බලාපොරොත්තු වෙනවා.

    පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීමට වැඩපිළිවෙලක් සකස් කරමින් යනවා. ජනතාව පොදු ප්‍රවාහනයට ආකර්ෂණය කරගන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. පොදු ප්‍රවාහන පද්ධතියට යොමු කිරීමෙන් පමණයි නාස්තිය හා කාලය ඉතිරි කරගන්න පුළුවන්. ඒ සඳහා කෙටි කාලීන මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් බස් රථ 5000ක් කැබිනට් මණ්ඩලය අනුමත කළේ දුෂ්කර මර්ග වලටයි. සියලු දෙනාට යන්න පුළුවන් බස් රථ ගෙන්වන්නේ. සුඛෝපභෝගී බස් රථ ප්‍රමාණය වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවා. දුම්රියට පහසුකම් වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. අපි සාර්ථක දුම්රිය සේවයක් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා බස් රථවල මඟීන්ගේ ප්‍රශ්න වලට දැඩි අවධානයක් යොමු කර තිබෙන බව ද අමාත්‍යවරයා පැවසීය.

    Latest News