වැඩ නැවතී ඇති අධිවේගී මාර්ග වල කටයුතු කඩිනම් කිරීමට පියවර ගන්නා බව අගමැති පවසයි

පෙබ 05, 2020

    පසුගිය රජය සමයේ ආරම්භ කර මේ වනවිට කොළඹ මහනුවර අධිවේගී මර්ගය ඇතුළු අරම්භ කර මේ වනවිට ඇනහිට තිබෙන කොළඹ මහනුවර අධිවේගී මාර්ගය ඇතුළු අධිවේගී මාර්ගවල වැඩ කඩනමින් අවසන් කිරීමට කටයුතු කරන බවත් සියලු මාර්ග වැඩි දියුණු කිරීමට වර්තමාන රජය කටයුතු කරමින් සිටින බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (5) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    කොළඹ - මහනුවර අධිවේගී මාර්ගය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අග්‍රාමාත්‍යවරයාගෙන් විමසු අවස්ථාවේ දී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

    කොළඹ - මහනුවර අධිවේගී මාර්ගය ඉතිරි කොටස සකස් කර දෙන ලෙස මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

    2010 - 2014 කාලයේ පැවැති රජය විසින් ගලේවෙල දක්වා පොතුහැර, ගලගෙදර දක්වා මාර්ගය සැලසුම් කළා. 2015 බිහි වූ රජය මේ කොන්ත්‍රාත් අවසන් කළා. මාර්ගය අදියර තුනක් යටතේ ඉදිකිරීමටයි සැලසුම් කර තිබුණේ. නව රජයට බලයට පත් වූ පසු ණය ගෙවීම් කටයුතු කර තිබෙනවා. ඉදිකිරීම් මන්දගාමීව සිදුවෙමින් තිබුණා.

    මධ්‍යම අධිවේගී මාර්ග කොටස් හතරක් යටතේ ඉදිකිරීම් කටයුතු 2019 ජූනි මස අවසන් කිරීමටයි තිබුණේ. මෙම ඉදිකිරීම් නියමිත දිනට අවසන් කිරීමට බැරිවී තිබෙනවා. පැහැදිලි වැඩපිළිවෙලක් නොමැති වූ නිසා අවශ්‍ය මුදල් සොයා ගැනීමට නොහැකිවී තිබුණා. කොටස් අවසන් කිරීමට උපරිම උත්සහ ගනිමින් සිටිනවා. පොතුහැර ගලගෙදර වැඩ අවසන් කිරීමට නොහැකි වී ඇත. වර්තමාන රජය මේ කොටසේ වැඩ කඩනමින් අවසන් කිරීමට කටයුතු කරනවා. සියලු මාර්ග වැඩි දියුණු කිරීමට වර්තමාන රජය කටයුතු කරමින් සිටිනවා.

    Latest News