සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සිදුකළ වැඩිදුර විමර්ශනයේ දී ඔහුගේ නිවසේ තිබී මෝටාර් උණ්ඩ 03ක් හා පුපුරණ ද්‍රව්‍ය කිලෝ 4ක් සොයාගෙන තිබේ. පුපුරණ ද්‍රව්‍ය හා මෝටාර් උණ්ඩ ළග තබා ගැනීම සම්බන්ධයෙන් නිවසේ පදිංචි සැකකාරිය හා සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිණ.
සැකකරුවන් 69 හා 39 යන වයස්වල පසුවන්නන්. ඔවුන් අද දින මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මුලතිව් පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.