ජනපති පෙරොන්දුවෙන් වතු කම්කරු වර්ජනය අවසන්

දෙසැ 12, 2018

    වතු කම්කරුවන් දින 8ක් පුරා පවත්වාගෙන ගිය වැඩවර්ජනය අද උදෑසන සිට අවසන් කරන බව, ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති ආරුමුගන් තොණ්ඩමන් මහතා පවසයි.

    වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සමඟ ඊයේ පැවැති සාකච්ජාවෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ. වතු කම්කරුවන්ගේ වැටුප්වැඩි කිරීම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය සමග ලබන 19 වැනි දින සාකච්ජා කර, කම්කරුවන්ට සාධාරණ වැටුපක් ලබාදෙන බව ජනාධිපතිතුමා මෙහි දී පොරොන්දුවී තිබේ.

    වැඩ වර්ජනය හේතුවෙන් තේ කර්මාන්තයට මෙන්ම, ආර්ථිකයට සිදුවෙමින් පවතින පාඩුව හේතුවෙන් වර්ජනය අවසන් කරන ලෙස ජනාධිපතිතුමා මෙහි දී ඉල්ලීමක් කර තිබේ. එහෙයින්, වෘත්තීය සමිති ක්‍රියා මාර්ග අත්හරින බව ආරුමුගන් තොණ්ඩමන් මහතා මෙහි දී කියා සිටියේය. මෙම සාකච්ජාවට ලංකා කම්කරු කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ නායකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    Last modified on බදාදා, 12 දෙසැම්බර් 2018 13:41

    Latest News