හැඳුනුම්පතට ඡායාරූප දැන් online ක්‍රමයට

දෙසැ 12, 2018

    ජාතික හැඳුනුම්පතට ඡායාරූප ලබාගැනීමේ දී ඔන් ලයින් ක්‍රමවේදයක් හඳුන්වාදීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

    ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතියට අනුකූලව එය සිදු කෙරේ. නව ක්‍රමවේදයට අනූව ජායාරූපයේ දෘඩ පිටපතක් ඉල්ලුම්කරුවෙත ලබා නොදෙයි. ඡායාරූපයේ අංකය යන්ත්‍රානුසාරයෙන් කියවිය හැකි කිව්.ආර්.කේතය සහිත ඉල්ලුම්කරුගේ ඡායාරූපය මුද්‍රණය කරන ලද ලදු පතක් ඡායාරූපාගාරය විසින් ඉල්ලුම්කරු වෙත නිකුත් කරනු ඇති. ඉල්ලුම්කරු විසින් එම ලදුපත, සිය අයදුම්පත සමග ග්‍රාම නිලධාරී වෙත ඉදිරිපත් කළ යුතුවේ.

    අදාළ ඡායාරූපය වලංගු වන්නේ ලබාගත් දින සිට මාස 6ක කාලයක් පමණි. මෙහි දී පුද්ගලයින් ලියාපංදිචි කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වී ඇති ඡායාරූප ශාලා මගින් පමණක් ඡායාරූප ලබාගැනීමට කටයුතු කළ යුතුය. මෙම නව වැඩපිළිවෙළේ පළමු අදියර බස්නාහිර සහ සබරගමුව පළාත්වලින් ආරම්භ කිරීමට නියමිතයි. ලබන 17 වැනි දින සිට එම පළාත්වල ජනතාවට ජාතික හැඳුනුම්පත් ඉල්ලුම් කිරීමේ දී ඉහත ප්‍රමිතියට අනූව ඡායාරූප ලබාගත යුතුවේ.

    Last modified on බදාදා, 12 දෙසැම්බර් 2018 09:27

    Latest News