වැටලීම සිදුකළේ උතුරු නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් විසින්. ඔවුන් විසින් අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 2,450 ක්, ඩිංගි යාත්රා දෙකක් සහ කිමිදුම් උපකරණ කිහිපයක් ද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණ.
වයස අවුරුදු 33 ත් 46 ත් අතර වයසේ පසුවන ඔවුන් ගුරුනගර් ප්රදේශයේ පදිංචිකරුවන්. එම පුද්ගලයින් හා උපකරණ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, ධීවර අධ්යක්ෂක වෙත භාර දීමට කටයුත කෙරිණ.