තහනම් මුහුදේ යත්‍රා කළ ඉරාන ජාතිකයෙකු ඇතුලු 3කට මාංචු

දෙසැ 18, 2019

    සිලාවතුර මුහුදු ප්‍රදේශයේ දී නීතිවිරෝධී ලෙස ඩිංගි යාත්‍රාවකින් ගමන් කරමින් සිටි ඉරාන ජාතිකයෙක් සහ ශ්‍රී ලාංකික ජාතිකයින් දෙදෙනෙකු නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබේ.

    ඔවුන්ගෙන් ප්‍රශ්ණ කිරීමේදී නිසි අවසරයකින් තොරව මුහුදේ යාත්‍රා කරමින් සිට ඇති බවට කරුණු අනාවරණය විය.නාවික හමුදාව කල වැඩිදුර විමර්ශනයේ දී විදේශිය ජාතිකයාගේ මාර්ගෝපදේශකයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු ද සිලාවතුර වෙරළ තීරයේ දී නාවික හමුදාව විසින් හඳුනාගෙන තිබේ. එහිදී විදේශිය ජාතිකයින් සඳහා මාර්ගෝපදේශකයෙකු ලෙස කටයුතු කිරීම සඳහා පිළිගත හැකි ලියකියවිලි නාවික හමුදාව වෙත ඉදිරිපත් කිරීමට මෙම පුද්ගලයා අපොහොසත්ව තිබේ. ඒ අනුව මෙම පුද්ගලයා ද නාවික හමුදාව විසින් සිය භාරයට ගැනීමට කටයුතු කර තිබේ.

    ඉරාන ජාතිකයාගේ වයස අවුරුදු 31 ක් වන අතර, ශ්‍රී ලාංකික ජාතිකයින් වසය අවුරුදු 27 සහ 57 වන වියෙහි පසුවන මිගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි. එම පුද්ගලයින් සහ ඩිංගි යාත්‍රාව ඉදිරි විමර්ශන කටයුතු සඳහා සිලාවතුර පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණ.

    Last modified on බදාදා, 18 දෙසැම්බර් 2019 11:52

    Latest News