මේ අනූව, කිසිඳු ගුවන් මගියෙකුට රටට ඇතුළු වීමට අවසර නොලැබෙනු ඇති. එය සති දෙකක කාලයක් බලපැවැත්වෙන බව රජය පවසයි. කෙසේ වුවද, දඹදිව වන්දනාවේ ගොස් ඇති පිරිස ගෙන්වා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ. මේ වන විට ඉන්දියාවේ විවිධ ප්රදේශවල 300කට පමණ පිරිසක් රැඳී සිටින බව සඳහන්. කොරෝනා මර්දන කාර්ය සාධන බලකාය සමග පැවති සාකච්ජාවේ දී ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේ, එම පිරිස කඩිනමින් ගෙන්වා ගැනීමට ක්රියා කරන ලෙසයි. මේ අතර, ලොව බොහෝ රටවල් මේ වන විට සංචාරක තහනම් පනවා තිබේ. ගුවන් තොටුපොළ ගණනාවක් වසා දමා ඇති අතර ඇතැම් ගුවන් තොටුපොළවලින් ගමනා ගමනය සීමා කර තිබේ.