අද මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි මගී ගුවන් යානා පැමිණීම අත්හිටුවා තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නියමයකට අනූව එය ක්‍රියාත්මකයි. කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම මෙහි ප්‍රමුඛ අරමුණයි.

හලාවත සිට කොළඹ දක්වා හා කොළඹ සිට හලාවත දක්වා  බලා ධාවනය වන කාර්යාල දුම්රියන් දෙකක් අත්හිටුවීමට දුම්රිය පාලක මැදිරිය තිරණය කර තිබේ.

පකිස්තානයේ කරච්චි හා ලාහොර් ශ්‍රී ලංකන් ගුවන් ගමන් හෙට (28) දින තාවකාලිකව අත්හිටුවා තිබේ.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සියලු වැලි කැනීම් බලපත්‍ර නැවත දැනුම් දෙනතුරු භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් අත්හිටුවා තිබේ. 

Latest News