අවසන් වරට හඳුනා ගත් රෝගීන් 11 දෙනාගෙන් තිදෙනෙක් යාපනය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටියදී හඳුනා ගැනිණ.
එසේම අමෙරිකාවේ සහ දකුණු කොරියාවේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි තවත් දෙදෙනෙකු ද ඒ අතර වෙයි.තවත් දෙදෙනෙකු පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද හලාවත ප්‍රදේශයෙන් ද හඳුනා ගැනිණ.
බේරුවල වසා දමා ඇති ප්‍රදේශයේ ඊයේ දරුවෙකු ප්‍රසූත කළ කාන්තාව සහ අකුරණ ප්‍රදේශයෙන් හඳුනාගත් රෝගියා ළඟින් ඇසුරු කළ දෙදෙනෙකු ද මෙම එකොළොස් දෙනා අතර වෙයි.
විදේශිකයන් සමඟ සමීපව ක්‍රියා කළ අයෙකු ද ඒ අතර සිටියි.