ඇඳිරිනීතිය පැනවීමත් සමග මානව ක්‍රියාකාරකම් ශීඝ්‍රයෙන් පහළ යාම ඊට හේතුවයි. කොළඹ ඇතුළු දිවයිනේ සෑම නගරයකම රථවාහන ධාවනය කැපී පෙනෙන ලෙස අඩු වී ඇති අතර, කර්මාන්ත සහ අනෙකුත් නිෂ්පාදනවල සිදුවූ පහළයාමද, මීට හේතුවී ඇති බව, සරත් ප්‍රේමසිරි මහතා පවසයි. අමෙරිකානු තත්ව දර්ශකයට අනූව, මේ වන විට වායු දූෂණය දර්ශක 50 මට්ටමට පැමිණ තිබේ.
මේ අතර කැලණි ගඟේ ජලයේ පිරිසිදු බව ද වැඩි වී ඇතැයි, කැලණි ගං සුරැකීමේ ජනතා පදනම පවසයි. ගඟ දෙපස මානව ක්‍රියාකාරකම් ශීඝ්‍රයෙන් අඩුවීම හා කර්මාන්තවලින් ගඟට අපද්‍රව්‍ය එකතු කිරීම නතර වීම ඊට හේතුවයි.