ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, අනුරාධපුර හා මන්නාරම දිස්ත්‍රික්වලත් තැනින් තැන සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ අවදානමක් පවතින බව එම නිවේදනයේ සඳහන් වේ.
එමෙන්ම ගිඟුරුම් සහිත වැසි සමඟ පැයට කිලෝමීටර 70-80 ක පමණ තද සුළං ද ඇති විය හැකි බවයි සඳහන් වන්නේ.
ඒ සඳහා ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.