ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ඒ සමගම ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකිය.
අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.