චීන තානාපති කාර්යාලයේ ට්විටර් ගිණුම යළිත් සක්‍රියයි

අප්‍රේ 14, 2020

    පසුගියදා අත්හිටුවන ලද ලංකාවේ චීන තානාපති කාර්යාලයීය ට්විටර් (Twitter) ගිණුම යළිත් සක්‍රිය කරන්නට ට්විටර් සමාගම කටයුතු කර ඇත.

    13 වැනි දින මෙම ගිණුම (@ChinaEmbSL) අත්හිටවූ පසුව චීන තානාපති කාර්යාලය මේ සම්බන්ධ අදාළ සමාගමෙන් විමසා තිබේ.

    ඉන්පසුව අද (14) පෙරවරුවේ ට්විටර් සමාගම විසින් එය නැවත එය සක්‍රීය කර ඇති බව වාර්තා වේ.

    මෙහිදී චීන තානාපත් කාර්යාලයට සිදුව ඇති අපහසුතාව පිළිබඳ සමාව ඉල්ලා ඇති බව පැවසේ.

    මෙසේ ගිණුම අත්හිටුවා ඇත්තේ කුමන හේතුවක් මතද යන්න තානාපති කාර්යාලය විමසා සිටි විට එය ‘පද්ධති දෝෂයක්’ නිසා සිදුව ඇති බවට ප්‍රතිචාර ලැබුණු බවයි තානාපති කාර්යාලය පවසන්නේ.

    Latest News