ලංකාව ආරක්ෂිත ඇඟලුම් නිෂ්පාදනය සූදානම්

අප්‍රේ 16, 2020

    අත්‍යාවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බලකාය සහ එක්සත් ජාතින්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් ආයතනයේ නියෝජිතයින් අතර හමුවක් පවත්වා තිබේ.

    මෙම සාකච්ඡාව බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදි පැවැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

    කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් ලොවපුරා අවශ්‍යතාවයක්ව පවතින ආරක්ෂිත ඇඟලුම් නිෂ්පාදනවලට පවති ඉල්ලුමට සරිලන ආකාරයේ නිෂ්පාදනයක් මෙරට තුළ සිදුකළ හැකිද යන්න පිළිබඳව මෙහිදි සාකච්ඡාවට ලක්ව තිබේ.

    මෙම සාක්ච්ඡාවට ඩෙන්මාර්ක් සහ නේපාලයේ රැදිසිටින යුනිසෙෆ් ආයතනයේ නියෝජිතයින්ද විඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

    මෙහිදි සාකච්ඡා වු කරුණු අතර එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලට සතියක් සඳහා අත්වැසුම් මිලියනයක් සහ මුඛ ආවරණ මිලියන 10ක අවශ්‍යතාවයක් පවතින බව අනාවරණය වී තිබේ.

    ඒ අනුව මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ කර්මාන්ත ශාලා මඟින් එය ඉටුකරගත හැකිද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා වු බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

    Latest News