මාළු ගන්න ගාල්ල ධීවර වරායෙන් වැඩපිළිවෙළක්

අප්‍රේ 16, 2020

    අද (16) දින ඇදිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ගාල්ල ධිවර වරායට පැමිණෙන පාරිභෝගික ජනතාවට තදබදයකින් තොරව කඩිනමින් මසුන් මිලදි ගැනීම සදහා විශේෂ වැඩපිළිවෙළක් සකස්කර ඇති බව ගාල්ල ධිවර වරායේ කළමණාකරු පවසයි.

    පාරිභෝගිකයින් පැමිණෙන පිළිවෙළ අනුව අංකයක් ලබාදී වරකට 25 දෙනෙකු බැගින් ධිවර වරායට ඇතුල් කිරිමට පියවරගෙන ඇති බව සඳහන් කළ ධිවර වරායේ කළමණාකාරවරයා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ උපදෙස් අනුව දුරස්ථභාවය පවත්වාගෙන යමින් එම කටයුතු සිදුකරගෙන යන බවද පවසයි.

    පසුගිය 12 වැනි දින සිට ගාල්ල ධිවර වරායෙන් මසුන් ඇල්ලිම සඳහා බහුදින යාත්‍රා පිටත්ව ගොස් තිබේ.

     

    Latest News