කොවිඩ් 19-ශ්‍රී ලංකාව නැගී සිටින ආකාරය ලෝකයටම ආදර්ශයක් - ආරක්ෂක ලේකම් (වීඩියෝ)

අප්‍රේ 17, 2020
  • කොවිඩ් 19 ලෝක වසංගත තත්වය හමුවේ ශ්‍රී ලංකාව නැගී සිටින ආකාරය ලෝකයටම ආදර්ශයක් බව, ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

    ලොව බලවත් රටවලට පවා වෛරසය හමුවේ, තම රටවැසියන්ට බියක්, සැකක් නොමැතිව ජීවත්වීමේ පරිසරයක් උදාකරලීමට නොහැකි වී ඇති බව ආරක්‍ෂක ලේකම්වරයා සඳහන් කරයි. ආරක්‍ෂක ලේකම්වරයා මේ බව කියා සිටියේ, කිලිනොච්චිය, ආරක්‍ෂක සේනා මූලස්ථානයේ අද පැවති හමුවකදී. මෙහිදී වසංගතය මැඩ පැවැත්වීම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු ආරක්‍ෂක අංශ හා සෞඛ්‍ය අංශ දක්වන දායකත්වය ආරක්‍ෂක ලේකම්වරයාගේ ඇගයීමක් ලක්විය.

    එහිදී අදහස් දැක්වූ විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා.... “රටක් මුදලින් පොහොසත් වූ තරමටම, බලයෙන් පොහොසත් වූ තරමටම ඒ රට බලවත් රටක් කියලා කියන්න අපිට අමාරුයි. යුද ශක්තිය කොච්චර තිබුණත්, රටේි ධනස්කන්දය කොච්චර තිබුණත්, අනෙක් අය පාගගෙන රටක් විධියට ජිවත් වෙන්න ලෝකයේ මොන තරම් බලයක් තිබුණත්, තමන්ගේ රටේ රටවැසියනට භයක්, සැකක් නැතුව ජීවත් වෙන්න පුලුවන් පරිසරයක් ඒ අයට උදාකරන්න බැරිනම්, ඒ බලයෙන් ඇති වැඩේ කුමකට ද? ඒ අතින් බලනකොට අපේ මේ පුංචි රට අද කොරෝනා ලෝක වසංගතය හමුවේ අපි නැගී සිටින ආකාරය ලෝකයටම ආදර්ශයක් දෙන්න සමත් වෙලා තියෙනවා“ යැයි කමල් ගුණරත්න මහතා පැවසීය.

    Last modified on සිකුරාදා, 17 අප්‍රේල් 2020 20:23

    Latest News