“සෞභාග්‍යා” වැඩසටහන යටතේ අක්කර ලක්‍ෂයක අතිරේක බෝග වර්ග 15ක් (වීඩියෝ)

අප්‍රේ 17, 2020
  • “සෞභාග්‍යා” ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ අක්කර ලක්‍ෂයක භූමි ප්‍රමාණයක අතිරේක බෝග වර්ග 15ක් සිටුවීමට රජය පියවර ගෙන තිබේ.

    එම නිෂ්පාදන සඳහා සහතික මිලක් සහ මිලදී ගැනීමේ ක්‍රම වේදයක් ඇති කිරීමට ද රජය පියවර ගෙන ඇති බව, කෘෂිකර්ම අමාත්‍යාංශ යේ ලේකම්, නීල් බණ්ඩාර හපුහින්න මහතා පවසයි. කෘෂිකර්ම අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය. මෙම වගාව සිදුකොට අස්වනු මිලදී ගැනීමේදී බඩඉරිඟු කිලෝවක් සඳහා රුපියල් 50ක් ද, අර්තාපල් සහ ලොකුළූණු කිලෝවක් සඳහා රුපියල් 100ක් ද ගෙවීමට නියමිතයි. රතු ලූණු කිලෝවක් සඳහා ගෙවීමට නියමිත මුදල රුපියල් 110ක්. උඳු, කව්පි සහ රටකජු කිලෝවක් සඳහා රුපියල් 220ක් ගෙවීමට නියමිතයි. මුං ඇට හා තල කිලෝවක් මිලදී ගැනෙන්නේ රුපියල් 200කට. වියළි මිරිස් කිලෝවක් රුපියල් 650කට ද කුරක්කන් කිලෝවක් රුපියල් 175කට ද මිලදී ගැණෙනු ඇත. කොල්ලු කිලෝවක් මිලදී ගැනෙන්නේ රුපියල් 300කටයි. කහ කිලෝවක් රුපියල් 80කට ද සොයා බෝංචි සහ ඉඟුරු කිලෝවක් රුපියල් 125කට ද මිලදී ගැනේ. සුදු ළුෑණු කිලෝවක් මිලදී ගැනීමට නියමිතව ඇත්තේ රුපියල් 350කටයි.

    මෙම බෝග වර්ග 15 සඳහා කෘෂි රක්‍ෂණ මණ්ඩලයෙන් රක්‍ෂණාවරණය ලබාදීමට නියමිතයි. කාබනික වගාව සඳහා යොමුවීමට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති බව, මහවැලි අධිකාරියේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සුනිල් පෙ‍ෙර්රා මහතා පවසයි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ යල කන්නයේ වී සහ අතිරේක බෝග සඳහා මාදුරුඔය හා පිඹුරත්තෑව ජලාශයෙන් ජලය නිකුත් කිරීම අරඹා තිබේ. රටේ සහල් අවශ්‍යතාව සපුරාලීමේ අරමුණින් හෙක්ටයාර් විසි දහසකට ජලය ලබාදීම මෙමගින් සිදු කෙරිණ. මෙමගින් වී මෙට්‍රික් ටොන් එකොළොස් දහසක් ලබාගැනීමට අපේක්‍ෂිතයි. අතිරේක බෝග ලෙස මඤ්ඤොක්කා වගාවෙන් මෙට්‍රික් ටොන් තුන් දහසක්, බතල මෙට්‍රික් ටොන් දෙදහසක් ලබාගැනීමට සැලසුම් කර තිබේ. ධාන්‍ය වගාවෙන් මුං, කව්පි, මෙට්‍රික් ටොන් තුන් දහසක් ලබාගැනීමට සැලසුම් කර ඇත.

    Latest News