ශ්‍රී ලංකන් ගුවන් මගීන්ට මුඛ ආවරණ පැළඳීම අනිවාර්යයි

අප්‍රේ 22, 2020

    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානාවල පියාසර කරන සියලුම මගීන්ට මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබේ.

    ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කළේ, ගුවන්තොටුපොළට ඇතුළුවීමේ දී හා පියාසර කාලසීමාව තුළදී මුඛ ආවරණ පැළඳීමට වහාම ක්‍රියාත්මක වන පරිදි මගීන් කටයුතු කළ යුතු බවයි.

    පවතින කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මෙම පියවර ගත් බව ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කළේය.

    Latest News