ඇඳිරි නීතිය ලිහිල්‌ කළ ප්‍රදේශවල දරුවන්ට එන්නන්‌ ලබා දීම අද, හෙට සහ අනිද්දා

අප්‍රේ 24, 2020

    ළදරු එන්නත්‌ ලබා දීමෙ වැඩසටහන යළි ක්‍රියාත්මකයි. ඒ අනුව දිවයිනේ ඇඳිරි නීතිය ලිහිල්‌ කළ ප්‍රදේශවල කුඩා දරුවන්ට එන්නන්‌ ලබා දීම අද, හෙට සහ අනිද්දා යන දිනවලදී සිදු කෙරේ.

    මේ අතර ගාල්ල නගර සභාව ඊයේ සායනික කටයුතු ආරම්භ කර තිබේ. ඒ සඳහා විශාල පිරිසක්‌ එක්ව සිටි බවද වාර්තාවේ.

    තවද මාතලේ, උකුවෙල ප්‍රාථමික වෛද්‍ය සත්කාර එකකයේ ළඳරු සායනය හා එන්නත්‌ ලබා දීම ඊයේ ආරම්භ කෙරිණ. එමගින්‌, විශාල දරුවන්‌ පිරිසකට සෙත සැලසෙන බවයි උකුවෙල ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකයේ ස්ථාන බාර වෛද්‍ය මහේෂ් අමුණුගම මහතා කියා සිටියේ.

    Latest News