තවත් COVID-19 ආසාධනය 6ක් සොයා ගැනේ

අප්‍රේ 24, 2020

    මේ වන විට ශ්‍රී ලංකාව තුළ COVID-19 වෛරසය ආසාධනය වූ රෝගීන් ප්‍රමාණය 379ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ අද පෙරවරුවේ වාර්තා වූ රෝගීන් 5ක් අද පස්වරුවේ වාර්තාවූ රෝගීන් 6ත් සමගයි. එම 6 දෙනා සොයා ගෙන ඇත්තේ කොළඹ ශ්‍රීමත් බණ්ඩාරනායක මාවතේ සිට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති පිරිස අතරිනි.

    තවද මේ වන විට රෝගීන් 107 දෙනෙකු රෝගය සුව වී නිවෙස් බලා ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. ඒ අනුව මේ වන විට 265 දෙනෙක් COVID-19 ආසාදිතයන් ලෙස රෝහල් ගතව ප්‍රතිකාර ලබති.

    එමෙන්ම 183 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින අතර මේ වන විට COVID-19 නිසා මිය ගිය ගණන 07කි.

    Latest News