මෘත ශරීර බහාලන බෑග් ගැන අනිල් ජාසිංහ කරුණු පහදයි

අප්‍රේ 27, 2020

    කොරෝනා ආසාදිතය මියගිය පුද්ගලයින්ගේ දේහ බහාලීමේ උර යනු කොවිඩ්-19 රෝගය සඳහාම නිර්මාණය වු දෙයක් නොව ජාත්‍යාන්තර වශයෙන් මෙය බොහෝ කාලයක සිට පවතින්නක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    මෘත ශරීර බහාලන බෑග් පමණක් නොව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශ විසින් ඖෂධ වර්ග හා වෛද්‍ය උපකරණ තොග යම් නිශ්චිත ප්‍රමාණයකින් පවත්වාගෙන යයි. එය තාක්ෂණික අවශ්‍යතාවකි. මේ අතර එම තොග තත්වය අඩු නොවී පවත්වා ගැනීමට අවස්ථාවක් ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ සම්බන්ධීකරණයෙන් ලබා දී තිබේ.

    එම නිසා මෘත ශරීර බහාලන බෑග් 1000ක ප්‍රමාණයක් ජාත්‍යන්තර රතු කුරුස කමිටුවෙන් ඉල්ලා සිටියේ කොවිඩ් 19 ආසාදනයෙන් එතරම් මරණ සංඛ්‍යාවක් සිදුවෙතැයි කිසිඳු බලාපොරොත්තුවකින් නොවන බව අනිල් ජාසිංහ මහතා අවධාරණය කරයි. දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සාර්ථක කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීමේ වැඩපිළිවෙළ අනූව එබඳු අවාසනාවන්ත තත්වයක් කිසිසේත්ම ඇතිවිය නොහැකි බවත් ඔහු අවධාරණය කරයි.

    239521 1

    Last modified on සදුදා, 27 අප්‍රේල් 2020 11:18

    Latest News