ඒ මේ වනවිට රැඳවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන සාදික් නමැත්තාගෙන් හෙළි වූ තොරුතුරු වලට අනූවයි.
මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිළිම වලට හානි කිරීම ඇතුළු අන්තවාදී ක්‍රියාකාරකම් ගණනාවක් සම්බන්ධයෙන් ගම්පොළ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණු සාදික් නමැත්තා හා ඔහුගේ සහෝදරයා මේ වනවිට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව බාරයේ පසුවෙයි.
මූතූර් තාහිද් නගර් ප්‍රදේශයේ පිහිටි ගොවිපොළ භූමියක තමා ඇතුළු පස් දෙනෙකු පුහුණුව ලබා ඇති බවයි, සාදින් නමැත්තා ප්‍රකාශ කර ඇත්තේ.
එම ඉඩම් මාවනැල්ල ප්‍රදේශයේ මව්ලවිවරයෙකුට අයත් එකක් බව පැවසේ.
කෙසේ වෙතත් එහි සැබෑ හිමිකරු ලෙස තෝපූර් ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු ද ඉදිරිපත්වී සිටින බවයි වාර්තා වන්නේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා සාදික් නමැති අන්තවාදී සැකකරු කැඳවා ගෙනවිත් එම ඉඩම් පරීක්ෂාවට ලක්කර තිබේ.
එහෙත් සැක කටයුතු කිසිවක් හමුවී නොමැති බවයි වාර්තා වන්නේ.