හෙට සිට දිස්ත්‍රික්ක 21ක ඇඳිරි නීති කාලය වෙනසකට

මැයි 03, 2020

    කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම හැර සෙසු දිස්ත්‍රික්ක 21ක් සඳහා හෙට (04) සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මකවන කාලය වෙනස් වේ.

    එම දිස්ත්‍රික්ක 21 සඳහා මැයි 06 වන බදාදා තෙක් ඇඳිරි නීතිය අළුයම 05.00ට ඉවත් කොට රාත්‍රි 08.00ට යළිත් පනවනු ලබයි.

    මැයි 06 වන බදාදා රාත්‍රී 08.00ට ඇඳිරි නීතිය පැනවිමෙන් පසු එම දිස්ත්‍රික්කවලට මැයි 11 වන සඳුදා අළුයම 05.00 දක්වා ඇඳිරි නීතිය බලපැවැත්වේ.

    කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක වලට මැයි 11 වනදා තෙක් ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වී එදින සිට එම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජිවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීමට ආණ්ඩුව අදහස් කරයි.

    Latest News