කොරෝනා වංසගතය හේතුවෙන් පවත්නා මූල්‍යමය අපහසුතාවට මඟහරවා ගැනීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කෙරිණ.
සන්නද්ධ හමුදාවන්ගේ සහ පොලිසියේ දිනක වැටුප් කප්පාදුවක් සිදුකරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය නියෝග කර ඇතැයි, සමාජ මාධ්‍ය ජාලාවල පසුගියදා සඳහන් කර තිබිණ. ආරක්ෂක ලේකම්වරයා එම අදහස ප්‍රතික්ෂේප කළේය. අදාල ඉල්ලීම සොල්දාදුවන්, නැවියන්, ගුවන් භටයින්, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා අදාල නොවේ. කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් රජය මුහුණ දී ඇති මූල්‍යමය අපහසුතාව මඟහරවා ගැනීමට පසුගිය සතියේ ජනාධිපති ලේකම්වරයා රජයේ සේවකයන්ගෙන් ඉල්ලා සිටියේ මැයි මාසයේ මුළු වැටුප හෝ දිනක වැටුප වැන්දඹු හා අනත්දරු විශ්‍රාම අරමුදලට පරිත්‍යාග කරන ලෙසයි.