මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය 2024 දී (වීඩියෝ)

මැයි 17, 2020
  • <iframe width="560" height="315" src="/https://www.youtube.com/embed/ULLjGcC3F8c" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම්, 2024 වසර වනවිට අවසන් කිරීමට අපේක්‍ෂිත බව, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    එම ක්‍රීඩාංගණය ඉදිකිරීමට නියමිත හෝමාගම, දියගම ප්‍රදේශයේ අද උදේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    1981 වසරෙන් පසු කොළඹ දිස්ත්‍රික්කයේ ඉදිවන සහ ලංකාවේ විශාලතම ක්‍රීඩාංගණය මෙයයි. මෙහි එකවර ප්‍රේක්‍ෂකයින් 40,000කට පමණ ක්‍රිකට් තරග නැරඹීමට පහසුකම් සපයා තිබේ. මෙරට 40,000ක ප්‍රේක්‍ෂකාගාරයකින් යුතු එකම ක්‍රීඩාංගණය ද මෙයයි. අක්කර 25ක භූමි ප්‍රමාණයක ඉදිවන මෙම ක්‍රීඩාංගණය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රමීතීන්වලට අනුකූලව ඉදි කෙරෙන බව, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි ද සිල්වා මහතා පවසයි.

    මේ සඳහා මූල්‍ය දායකත්වය ලබාදෙන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයි. අධිවේගී මාර්ග පද්ධතිය පුළුල්වීමත් සමඟ ක්‍රීඩාංගණයට දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිට පැය 2ත්, 3ත් අතර කාලයකදී පැමිණිය හැක. පසුගිය ආණ්ඩුව කළ දේශපාලන පළිගැනීම්වලට මෙබඳු සංවර්ධන වැඩපිළිවෙළ පිළිතුරක් වන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා... “දිවා-රාත්‍රී තරගවලට අන්තර්ජාතික ප්‍රමිතියට අනුව සකස් කරන විශාලතම ක්‍රීඩාංගණය බවට මේ ක්‍රීඩාංගණය පත්වෙනවා. ඉදිරියේදී ඉදිකිරිම් කටයුතු පටන් ගන්නවා. එය දේශපාලන පලිගැනිම්වලට, දේශපාලන නායකත්වයට ජාතික නායකත්වය දෙන ගෞරවාන්විත පිළිතුරක් ලෙස තමයි මේ අන්තර්ජාතික ක්‍රීඩාංගණය සහ ක්‍රීඩා සඳහා වූ විශ්වවිද්‍යාලයක් ඒ පරිසරය තුළට ගෙන එන්නේ“ යැයි අමාත්‍යවරයා පැවසීය.

    Last modified on ඉරිදා, 17 මැයි 2020 19:13

    Latest News