රණවිරුවන් වෙනුවෙන් “රණවිරු කෘතගුණ ප්‍රදීප“

මැයි 17, 2020

    ත්‍රස්තවාදයෙන් දේශය මුදා ගැනීමේ උත්තුංග කාර්යයේ දී දිවිපිදූ රණවිරුවන් වෙනුවෙන් “රණවිරු කෘතගුණ ප්‍රදීප“ නමින් පූජාවක් පැවැත්වේ.

    ඒ, හෝකන්දර දකුණු හෝකන්දර දක්‍ෂිණාරාමයේ දී. දිවිපිදු රණවිරුවන් විසිනව දහසක් වෙනුවෙන් එක් දිනකට 2900 බැගින් දින 7ක් තිස්සේ පහන් දල්වා කරනු ලබන රණවිරු කෘතගුණ ප්‍රදීප පූජාව ආරම්භ වූයේ පසුගිය 12 වැනිදාය. විහාරාධිපති ආචාර්ය පූජ්‍ය මාදුරුඔය ධම්මිස්සර හිමියන්ගේ අනුශාසකත්වයෙන් එය සංවිධාන කළේ, ලංකා ජාතික සංඝ සභාවයි. දින 7ක් පුරා පැවති පූජාව හෙටින් අවසන්.

    Latest News