කුවේට් සිටි ශ්‍රී ලාංකිකයින් 466ක් යළි දිවයිනට

මැයි 20, 2020

    කුවේට්හි රැකියා සඳහා ගොස් එරට නීති විරෝධීව රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 466 දෙනෙක් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් තිබේ. ඒ කුවේට් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානා දෙකකින්.

    ඉන් පළමු කණ්ඩායම ඊයේ(19) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපල වෙත ළගා වූ අතර එහි ශ්‍රී ලාංකිකයින් 287 දෙනෙක් සිටි බව අප ගුවන්තොටුපල වාර්තාකරු සදහන් කළේය.

    දෙවන කණ්ඩායම ලෙස ශ්‍රී ලාංකිකයින් 179 දෙනෙක් ඊයේ මධ්‍යම රාත්‍රියේ කුවේට් සිට විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණියේය.

    දිවයිනට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් සදහා කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් තාවකාලික ගුවන්ගමන් බලපත්‍ර සකස් කර දී ඇති තිබේ.

    ඔවුන් සියලුදෙනා විෂබීජහරණය කිරිමෙන් අනතුරුව නිරෝධායන කටයුතු සඳහා යොමුකළ බව ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේය.

    Last modified on බදාදා, 20 මැයි 2020 10:19

    Latest News