පළාත් රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි

මැයි 20, 2020

    බටහිර මධ්‍යඹ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අම්ෆන් සුළි කුණාටුවේ බලපෑම අඩුවී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    දකුණ,බස්නාහිර,සබරගමුව,මධ්‍යම හා වයඹ පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බවයි, ඔහු කියා සිටියේ. එමෙන්ම නුවරඑළිය,කළුතර,රත්නපුර,කෑගල්ල,ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවිය හැකියි.

    දිවයින හරහා සුළගේ වේගය පැයට කිලෝමීටර 40ත් 50ත් අතර අගයක් ගනු ඇති. මන්නාරම සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 70ත් 80ත් දක්වා වැඩිවීමේ හැකියාවක් පවතයි.

    තාවකාලිකව තද සුළං මෙන්ම මුහුදු ප්‍රදේශ රළුවිය හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. වර්ෂාපත් සමග ජල මට්ටම ඉහළ යනු ලැබූ කළු,නිල්වලා,ගිං ගංගාවල ජල මට්ටම මේ වන විට පහත බසිමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

    Last modified on බදාදා, 20 මැයි 2020 10:36

    Latest News