සෝමාවතී පුදබිමට පැමිණි ජනාධිපතිතුමා රාජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ්‍රීල සුමංගල හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
සෝමාවති සෑ රදුන් වෙත සිදු කෙරුණු කප්රුක් පූජාවට ද ජනාධිපතිතුමා සහභාගී විය. සෝමාවති පුදබිම බොහෝ අවස්ථාවල ගංවතුර තත්වයන්ට ලක් වෙයි. සෝමාවති රජමහා විහාරාධිපති ස්වාමින් වහන්සේගේ ඉල්ලීම පරිදි, එවැනි ආපදා තත්ත්වයකදී සහය විය හැකි ආකාරයෙන් ගුවන් හමුදාව ඉදිකළ “හෙලිකොප්ටර් යානාංගනය” ද රාජපක්ෂ මැතිතුමා අතින් විවෘත කෙරිණ. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා ද ඊට එක් විය.