ජනපති විසින් ජෝන්ස්ටන්ට එරෙහිව ගොනු කළ නඩුවේ විභාගය කල්යයි

ඔක් 24, 2024
    තමන්ට සිදුකළ අපහාසය වෙනුවෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ජනාධිපති අනුර දිසානායක මහතා විසින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක විභාගය කල් දැමීමට කොළඹ දිසා අධිකරණය අද නියෝග කළා.

    මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී අනුර දිසානායක මහතාගේ නීතිඥවරු විසින් අධිකරණය හමුවේ මෝසමක් ගොනුකර තිබුණා.

    එම මෝසම තුළින් දැනුම් දී තිබුණේ පැමිණිලිකාර අනුර දිසානායක මහතා මේ වනවිට ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වී සිටින බවයි.
    ඒ අනුව මෙම නඩුවේ වැඩිදුර විභාගය මාර්තු මස 24 වන දා දක්වා කල් තැබීමටද අධිකරණය නියම කළා.
    2017 වසරේ ඒකාබද්ධ විපක්ෂය විසින් තංගල්ලේ පැවැත්වූ ජන හමුවකදී හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් සිදුකළ ප්‍රකාශයකින් තම කීර්තියට සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 500 ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ජනාධිපති අනුර දිසානායක මහතා විසින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව මීට වසර කිහිපයකට පෙර මෙම නඩුව ගොනුකර තිබුණා.

    Latest News