පාසල් යළි ආරම්භ කිරීමට අදාළ දෙවැනි අදියර ක්‍රියාත්මක වන්නේ ලබන 20 වැනිදා සිට 24 වැනිදා දක්වායි. එහිදී පිරිස් ඒකරාශී වීම අවම කර ගැනීමේ අරමුණෙන් පාසල් වෙත ගෙන්වා ගත යුතු වන්නේ, පංති කාලසටහන් ලබා දී ඇති සහ වෙනත් කළමනාකරණ, පරිපාලන විනය හා සෞඛ්‍ය කටයුතු ආදී වශයෙන් වගකීම් පවරා ඇති ගුරුවරුන් පමණක් බවයි, අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.
කිසිඳු රාජකාරියක් නොපවරන ලද සහ ඉගැන්වීම් කාලසටහන් නොමැති ගුරුවරුන් එම අදියරවල දී පාසලට ගෙන්වා ගැනීම නොකළ යුතුයි.