ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි

ජූලි 12, 2020

    බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    බස්නාහිර හා සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක පමණ තරමක තද වර්ෂාපතනයක් ඇතිවිය හැක. ඌව, නැගෙනහිර, උතුර සහ උතුරු මැද පළාත්වල තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්.

    උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 40 දක්වා වැඩිවිය හැක. අකුණු මගින් සහ තාවකාලික තද සුළං මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස ඉල්ලීමක් කෙරේ.

    Latest News