අත්තනකඩවල ජල පරීක්‍ෂණ රසායනාගාරය ජනතා අයිතියට

ජූලි 12, 2020

    පොළොන්නරුව, ඇළහැර, අත්තනකඩවල ජල පරීක්‍ෂණ රසායනාගාරය ජනතා අයිතියට පත් කෙරිණ.

    මේ සඳහා ලෝක බැංකු ආධාර යටතේ රුපියල් ලක්‍ෂ 60ක මුදලක් වැය වී තිබේ.

    නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ජල සම්පාදන හා සනීපාරක්‍ෂාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙය ඉදි කෙරිණ. ජල පරීක්‍ෂණ රසායනාගාරය ජනතා අයිතියට පත් කෙරුණේ, ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් එච්.එම්. ජයතිලක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්.

    පරිභෝජනයට ගන්නා ජලය බීමට සුදුසු ද නැද්ද පරීක්‍ෂා කර බැලීම නවීන පහසුකම්වලින් යුතු මෙම ජල පරීක්‍ෂණ රසායනාගාරයෙන් සිදු කෙරෙනු ඇත. දිස්ත්‍රිකයේ ඕනෑම ප්‍රජා මූල ජල ව්‍යාපෘතියක ජලය සතියකට වරක් පරීක්‍ෂා කර බලා වාර්තාවක් ගත යුතු බව අධ්‍යක්‍ෂ ජනරාල් ජයතිලක හේරත් මහතා පවසයි.

    Latest News