කැබිනට් මණ්ඩලය රැස්වේ - විසර්ජන පනත් කෙටුම්පත අනුමැතියට

ජන 07, 2019

    මේ වසරේ කැබිනට් රැස්වීම අද පෙරවරු 9.30ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි.

    මෙහිදී 2019 වර්ෂය සඳහා වූ අය වැය විසර්ජන පනත් කෙටුම්පත අනුමැතිය සඳහා අද අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමට මීට අදාළ යෝජනා ඉදිරිපත් කෙරුණ ද එය මීළඟ කැබිනට් රැස්වීම දක්වා කල් තැබිණ.

    එමෙන්ම විසර්ජන පනත් කෙටුම්පත පෙබරවාරි 5 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. අය වැය යෝජනා ඉදිරිපත් කිරීම මාර්තු මස 5 වැනි දින සිදු කෙරෙනු ඇති. අනතුරුව අය වැය තෙවැනි වර කියැවීමේ විවාදය මාර්තු මස 13 වැනි දා ආරම්භ කිරීමට නියමිත අතර, අවසන් ඡන්ද විමසුම අප්‍රේල් මස 4 වැනිදා සිදු කිරීමට නියමිතයි.

    Last modified on සදුදා, 07 ජනවාරි 2019 09:43

    Latest News