ලක්ෂ 120ක හෙරොයින් කොටහේනෙන් මතුවෙයි

ජන 07, 2019

    කොටහේන, පැරඩයිස් වත්ත ක්‍රීඩාපිටිය ප්‍රජා ශාලාව අසළ දී හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔහු සතුව හෙරොයින් කිලෝ 01යි ග්‍රෑම් 05යි මිලි ග්‍රෑම් 640ක් තිබූ අතර වටිනාකම රුපියල් ලක්ෂ 120කට අධිකයි. ආමර්වීදිය පොලිස් මුරපොළට ලද තොරතුරක් මත වැටලීම සිදුකෙරිණ. 40 හැවිරිදි සැකකරු මීරානිය වීදිය, කොළඹ 12 පදිංචිකරුවෙක්. සැකකරු අද දින (07) මාලිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

     

     

    Latest News