ඒහෙත්, ඒම කර්මාන්තයට නිසි ස්ථානය හෝ නිසි වෙළෙඳපොළක් ලැබී නැහැ. මිනිසා නිරතවන කර්මාන්ත අතර, මැටි කර්මාන්තය හෙවත් කුඹල් කර්මාන්තයට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයක්. ගල් යුගයෙන් දඩයම් යුගයෙන් ගෘහස්ත ගොවි දිවියට සංක්‍රමණය වීමත් සමඟ මැටි කර්මාන්තයට අවශ්‍ය පදනම නිර්මාණය විය.
ඊට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගැනීම ගංඟා නිම්න ආශ්‍රිතව දිවි ගෙවූ ජනයාට පහසුවිය. පුරාවිද්‍යාත්මක සොයා ගැනීම්වලදී සොයා ගැනුණු වළං කැබලි, මැටි පුවරුවලින් මෙරට ෙඒතිහාසික කුඹල් කර්මාන්තය පිළිබඳ වැදගත් සාකෂි අනාවරණය වේ.
ශ්‍රී ලංකාව විදේශිකයන්ට නතුවීමෙන් දේශීය කර්මාන්තවලට නිසි අවධානයක් යොමු වූයේ නැහැ. ඒහෙත්, පාරම්පරික පැවත ඒන ශිල්ප ඥානය ගිලිහී යාමට ඉඩ නොදී පරපුරෙන් පරපුරට කෙසේ හෝ රැක ගැනීමට අප රටේ කුඹල් කර්මාන්තකරුවන් කටයුතු කිරීම ප්‍රශස්තයි.
දේශීය මැටි කර්මාන්තයේදී මැටි වර්ග දෙකක් භාවිත කෙරේ. කැළණි ගඟ හා ගිං ගඟ ආශ්‍රිතව බංගදෙණිය, අනුරාධපුරය, කොච්චිකඩේ, අලුත් නුවර දේශීය රතු මැටි නිදි පිහිටා ඇති අතර, ඒම මැටි ස්වභාවිකවම භාණ්ඩ තැනීමට සුදුසු ආකාරයට සැකසී තිබේ.
මෙම මැටි උපයෝගි කර ගනිමින් නිවසෙහි ගෘහ උපකරණ, ගොඩනැගිලි සෙවිලි කිරීම සඳහා අවශ්‍ය වන දෑ මෙන්ම කලාත්මක මැටි භාණ්ඩ නිපදවේ. විදේශිකයන් අප රටේ මැටිවලින් නිපදවන අලංකාර විසිතුරු භාණ්ඩ සඳහා දක්වන්නේ දැඩි ප්‍රියතාවක්. ඒමගින් අපනයන ආදායමක් ද රටට හිමිකර දේ. මෙම කර්මාන්තයේ නියැලි පිරිස් ගැටලු රැසකට ද මුහුණ පා සිටී.
ඒම ජනතාවගේ ගැටලුවලට පිලියම් සෙවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, වෙනම රාජ්‍ය අමාත්‍යවරයෙකු ද පත් කළේය. ඒය කර්මාන්තය නඟා සිටුවීම සඳහා කළ අත්‍යවශ්‍ය කාර්යයක් බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මයුර සමරකෝන් මහතා පවසයි.
මෙරට මැටි කර්මාන්තය වර්ධනය වීම ඒහි නිරතවූවන්ට යහපත් අනාගතයක් උදාවනවා මෙන්ම මේඩ්ඉන් ශ්‍රී ලංකා නාමය විදේශීය වෙළෙඳපොළේ නව පරිච්ජේදයකට මුල පුරනු ඇත.