තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක්

අගෝ 17, 2020

    කොවිඩ් නයින්ටීන් රෝගීන් දෙදෙනෙක් හඳුනාගෙන තිබේ.

    ඕමාන්හි සිට පැමිණි දෙදෙනෙක් මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 2895 දෙනෙක් දක්වා ඉහළ ගොස් තිබේ.

    අද (17) දිනයේ ද රෝහල්ගතව සිටි 6 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති අතර සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දැක්වෙන්නේ 2676ක් ලෙසයි.

    රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 208කි.

    Latest News