බැසිල් රාජපක්ෂ මෙසේ පවසා සිටියේ ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවා සංගමයේ (Planning Service Association) නියෝජිතයින් සමඟ පෙරේදා (15) අරලියගහ මන්දිරයේදී පැවැති සාකච්ඡාවකදීය.
ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කිරීම සඳහා දැවැන්ත ජන වරමක් ලබා දුන් ජනතාව මෙරට සංවර්ධනයේ පැහැදිලි වෙනසක් අපේක්ෂාවෙන් සිටින බවත්, එම වෙනස උදාකිරීම සඳහා සැලසුම් සේවයට අති විශාල කාර්යභාරයක් පැවරී ඇති බවත් බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ‘සෞභාග්‍යයේ දැක්ම‘ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීමේ රජයේ වැඩපිළිවෙළට තම සංගමයේ දායකත්වය ලබා දීමට කැමැත්තෙන් පසුවන බව පෙන්වාදුන් ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවා සංගමය ඒ සඳහා ආයතනික ව්‍යුහය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය බැසිල් රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කළේය.
සමස්ත රාජ්‍ය සේවය පිළිබඳවම අවධානය යොමුකර එම ව්‍යුහාත්මක හා පරිපාලනමය වෙනස්කම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කිරීමට අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කිරීමට කටයුතු කරන බව එහි දී බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සංගමයට වෙත දන්වා සිටියේය.