අද දින (17) නාරාහෙන්පිට සිය අමාත්‍යාංශයේ දී රාජකාරී ආරම්භ කරමින් පැවති මාධ්‍ය හමුවේදී රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඒ තුළින් එම ශ්‍රමිකයන්ට හෝ එම පවුල්වලට අවශ්‍ය කිසියම් සහනයක් හෝ මැදිහත්වීමක් ක්ෂණිකව ලබාදීම අරමුණ බවය.
"සාම්ප්‍රදායික විදේශ රැකියා වෙළෙඳපළ සමග නව තාක්ෂණය සහිත නිපුණතා පූර්ණ ශ්‍රමිකයන් විදේශ ශ්‍රම වෙළෙඳපළ සඳහා යොමු කිරීම අප අමාත්‍යාංශය අරමුණයි.
එසේම, සාම්ප්‍රදායික විදෙස් වෙළඳපල ඇති රට වලට අමතරව, වෙනත් නව තාක්ෂණික ශ්‍රම වෙළෙඳපළ වෙත ශ්‍රමිකයන් යැවීමටත්, තවමත් ලාංකික ශ්‍රමිකයන් ග්‍රහණය කර නොගත් රටවල් සඳහා ද ශ්‍රමිකයන් යොමු කිරීමට කටයුතු කරනවා," යනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.